දැක්ම
තෘප්තිමත් සමූපකාර කාර්යය මණ්ඩලයක්,උසස් මට්ටමේ සේවාවක්
මෙහෙවර
සමූපකාර සේවකයින්ගේ ආයතනික ගැටළු හා සේව්‍ය සේවක ගැටුම් නිරාකරණය සහ ආයතනික ධාරිතා වර්ධනය සියලු පාර්ශවයන්ගේ මනා සහභාගිත්වයෙන්, යහපාලනය පවත්වා ගනිමින් තෘප්තිමත් කාර්යය මණ්ඩලයක් පත්කොට සමූපකාර සේවාව උසස් මට්ටමකට ගෙන ඒමට අඛණ්ඩව දායක වීම.
ගරු ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි මැතිතුමා
ජේ.එම්.ආර්.පී.ජයසිංහ මයා
ප්‍රධාන ලේකම්
ආර්.එම්.කේ.සී.විජේරත්න
ලේකම්
නම
තනතුර
ආයතන හැදින්වීම
1994 අංක 09 දරන උතුරු මැද පළාතේ සමූපකාර සේවක කොමිෂන් සභා ප්‍රඥප්තිය 886/16,1995.09.01 දින රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඉහත ප්‍රඥප්තියේ විධිවිධාන හා රෙගුලාසිවලට ප්‍රකාරව මෙම උතුරු මැද පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාව ප්‍රතිශ්ථාපනය කර ඇත.
මෙම ප්‍රඥප්තියෙහි පළාත් ප්‍රධාන අමාත්‍යංශවරයාගේ එකඟත්වය ඇතිව අඳාළ විෂයභාර ඇමතිවරයා විසින් පත් කරනු ලබන තිදෙනෙකුගෙන් යුක්ත කොමිෂන් සභාව සමන්විත වන්නේය. එම තිදෙනාගෙන් එක් අයෙකු එහි සභාපති වශයෙන් ඇමතිවරයා විසින් පත් කරනු ලැබේ. එම සභාව මගින් මෙම සමූපකාර සේවය නගා සිටුවීමට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දේ. ඒ අනුව 2026 වර්ශය වනවිට 01/2025 වැටුප් චක්‍රලේඛ ප්‍රධාන තැනක් ගනිමින් සේවක වැටුප් පරිමාණ හා බඳවා ගැනීම් පටිපාටිය හා සුදුසුකම් විනිශ්චය කරමින් නිශ්චිත ක්‍රමවේදයකට මෙම සමූපකාර සේවය සහ සේවකයින් නීත්‍යානුකූල කර ඇත.
සේවක දැනුම ආකල්ප හා කුසලතා වර්ධනය කිරීමට අදාල වැඩ සටහන් පැවැත්වීම තුලින් එදාට වඩා සමූපකාර සේවකයින්ගේ විශ්වාසය ආයතන කෙරෙහි ගොඩ නැගී ඇත. තව දුරටත් ක්ෂේත්‍රය තුල අවශ්‍යතා හදුනා ගෙන යහපත් සමූපකාර ක්‍රියාවලියක් පවත්වාගෙන යාම ඉලක්ක වේ.
අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ පිහිටුවා තිබූ සමූපකාර සමිති 35ක් පැවති අතර ඒවායේ ගැටලු සම්බන්ධයෙන් හා සේවකයින් බඳවා ගැනීම, ස්ථීර කිරීම් හා උසස් කිරීම් යන ක්‍රියාවලියට සක්‍රීය දායකත්වයක් ලබා දී තිබේ. මන්දගාමී ස්වභාවයක් පැවති සමූපකාර ක්ෂේත්‍රය තුළ සිටි සේවකයින් අභිප්‍රේරණය කිරීම සඳහා ඔවුන්ගේ කාර්යක්ෂමතාවය නංවාලීම සඳහා කටයුතු කර ඇත. ඒ අනුව 01/2025 වැටුප් චක්‍රලේඛ ප්‍රධාන තැනක් ගනිමින් සේවක වැටුප් පරිමාණ අනුමත කර දැනටමත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
අප ගැන
ව්‍යාපෘති
පුවත්
වෙනත්
තොරතුරු දැන ගැනීමේ නිළධාරි
නම
පරිපාලන නිලධාරි
තොරතුරු දැන ගැනීමේ පනත ?
- තොරතුරු දැන ගැනීමේ පනත යනු කුමක්ද?
- තොරතුරු දැන ගැනීමේ පනත හැදින්වීම
- තොරතුරු දැන ගැනීමේ පනත
- List Item
විශේෂ දැන්වීම්
