ආයතන ආරම්භ කරන ලද දිනය හා ඊට අදාල මූලික තොරතුරු :-
1994 අංක 09 දරන ප්‍රඥපතිය අනුව (NCP/PC/FC/4/4 ප්රඥප්තිය/2 හා 1996.01.19 දිනැති ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරන ලදි.) උතුරු මැද පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාව ස්ථාපිත කර ඇත. එම ප්රඥප්තියට අනුව රෙගුලාසි සකස් කර ගැසට් පත්‍රයේ පළ කරන තෙක්, 1972 අංක 12 දරන සමූපකාර සේවක කොමිෂන් සභා පනත යටතේ සම්පාදිත රෙගුලාසි අනුව කටයුතු කිරීමට උතුරු මැද පළාත් සමුපකාර අමාත්‍යංශ ලේකම්ගේ අංක 1994.10.03 දිනැති ලිපියෙන් ලබා දී ඇති අනුමැතිය අනුව මෙහි කටයුතු අරඹා ඇත. 1994 අංක 09 දරන උතුරු මැද පළාත් සමූපකාර සේවක කොමිෂන් සභා ප්රඥප්තිය යටතේ වූ රෙගුලාසි 1501/5-2007/06/11 දින දරන විශේෂ ගැසට් පත්‍රයේ පල කර ඇත.
